14-09 2021 13:58
wrote:
කවියක් කරන්නට තැනුවත් මා සිතනා දේ සැවොම
වදනක් දෙකක් මදි කීමට මේ මැසිවිල්ල
කුමට ලියන් කව් ගී ගිය පසු නුබ නික්ම
හැරදා ගිය බැව් නොදැනේ ඒකයි මේ සිතුවිල්ල
මතකයි අද වගේ දුටු නුබ පලමු දින
අතැඟිලි පටලා මගේ මාමන්ඩිය සමඟ
ලැබුනේ නෑ එතරම් කල් ලං වී ඉන්න
දෙදෙනා ගියා සයුරෙන් එතෙරව ගමන
සිටියත් දුරින් අප සැප දුක් සොයාලා බලන
ඔවදන් ලැබුනි ඔබගෙන් සැමදා වටින
කිසිදා කිසිවෙකුට සිත් තැවුලක් නොදෙන
ආදරනීය සිතකී ඒ ඔබලඟ තිබෙන
මාමන්ඩියට විය අම්මා කෙනෙක් නුබ
දෙරනක් විය නුබ කිරි කැටි දෝනියට
සෙවනක් විය නුබ අප දැවනා සැම විටම
නැවතත් නොවෙයි ඒ සැනසුම විඳීමට
මියුරු මතකයන් අප හැම තුල රන්දා...
නොපිරෙන හිස් තැනක් හදවත් තුල පාදා
සටනක් කර මරු හා නොබියව වෙර දා
හැර දා ගියා මෙලොවින් අප සිත් තනි කරදා
සිත් තැවුලක් දී නෑ මා නුබට කිසි කලෙක
සමාව දුන් මැන දුනි නම් නොදත් කල
අමතක නොකරමී ඔබගේ ගුනදම් මෙලොව
නිදසුනක් ලෙසින් සිහිකරමි නුබ සැමදාම
නොලැබුනත් දකිනට ඔබ අවසන් මොහොතේ
සිතේ තබා ගමි මා ඔබගේ ඒ රූපේ
මතු හමුවන්නට පින් කරමි මේ සංසාරේ
ඉතිං සමුගනිමි නැන්දේ මේ භව වාරේ...
14-09 2021 13:58
wrote:
කවියක් කරන්නට තැනුවත් මා සිතනා දේ සැවොම
වදනක් දෙකක් මදි කීමට මේ මැසිවිල්ල
කුමට ලියන් කව් ගී ගිය පසු නුබ නික්ම
හැරදා ගිය බැව් නොදැනේ ඒකයි මේ සිතුවිල්ල
මතකයි අද වගේ දුටු නුබ පලමු දින
අතැඟිලි පටලා මගේ මාමන්ඩිය සමඟ
ලැබුනේ නෑ එතරම් කල් ලං වී ඉන්න
දෙදෙනා ගියා සයුරෙන් එතෙරව ගමන
සිටියත් දුරින් අප සැප දුක් සොයාලා බලන
ඔවදන් ලැබුනි ඔබගෙන් සැමදා වටින
කිසිදා කිසිවෙකුට සිත් තැවුලක් නොදෙන
ආදරනීය සිතකී ඒ ඔබලඟ තිබෙන
මාමන්ඩියට විය අම්මා කෙනෙක් නුබ
දෙරනක් විය නුබ කිරි කැටි දෝනියට
සෙවනක් විය නුබ අප දැවනා සැම විටම
නැවතත් නොවෙයි ඒ සැනසුම විඳීමට
මියුරු මතකයන් අප හැම තුල රන්දා...
නොපිරෙන හිස් තැනක් හදවත් තුල පාදා
සටනක් කර මරු හා නොබියව වෙර දා
හැර දා ගියා මෙලොවින් අප සිත් තනි කරදා
සිත් තැවුලක් දී නෑ මා නුබට කිසි කලෙක
සමාව දුන් මැන දුනි නම් නොදත් කල
අමතක නොකරමී ඔබගේ ගුනදම් මෙලොව
නිදසුනක් ලෙසින් සිහිකරමි නුබ සැමදාම
නොලැබුනත් දකිනට ඔබ අවසන් මොහොතේ
සිතේ තබා ගමි මා ඔබගේ ඒ රූපේ
මතු හමුවන්නට පින් කරමි මේ සංසාරේ
ඉතිං සමුගනිමි නැන්දේ මේ භව වාරේ...